ඉරිදා, 11 පෙබරවාරි 2024 09:38

ඉම්රාන් පෙරමුණට Featured

පකිස්ථාන මහා මැතිවරණයේ ඊයේ (09) සවස වන විට නිකුත් කර තිබූ මැතිවරණ ප්‍රතිඵලවලට අනුව

බන්ධනාගාරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පකිස්ථාන් ටෙහ්රීක් ඊ ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයට සහය දක්වන ස්වාධීන අපේක්ෂකයන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊයේ සවස 2.00 පමණ වන විට ආසන 266 කින් සමන්විත පකිස්ථාන පාර්ලිමේන්තුවේ ආසන 70 ක ඡන්ද ප්‍රතිඵල නිකුත් කර තිබූ අතර ඉන් ආසන 24ක් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂයට අනුබද්ධ ස්වාධීන අපේක්ෂකයන් විසින් දිනාගෙන තිබූ අතර තවත් ආසන 24ක් හිටපු පකිස්ථාන අගමැතිනී බෙනාසීර් භූතෝගේ පුත් බිල්වාල් භූතෝ සදාරිගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන ජනතා පක්ෂය (පීපීපී) විසින් දිනාගෙන තිබිණි. මෙවර මැතිවරණය ජයගනු ඇතැයි විචාරකයන් විසින් නම් කර තිබෙන තවත් හිටපු පකිස්ථාන අගමැතිවරයෙකු වන නවාස් ෂෙරිෆ්ගේ පකිස්ථාන් මුස්ලිම් ලීගය විසින් ආසන 18 ක් දිනාගෙන තිබිණි. මෙම මැතිවරණය ඉහත කී පක්ෂ තුන අතර පවතින තරගයක් බවට පත්ව තිබේ.

දැනට වසර 24 ක සිරදඬුවමකට යටත්ව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් නායකත්වය දරන පීටීඅයි පක්ෂය හා එහි ඡන්ද ලකුණ වන ක්‍රිකට් පිත්ත තහනම් කරමින් එම පක්ෂයේ ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබීම නිසා ස්වාධීන අපේක්ෂකයන් වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට එම පක්ෂයට අයත් නිලධාරින් විසින් පියවර ගෙන තිබේ. මේ අතර මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ඉතාමත් සෙමෙන් සිදුවන බව වාර්තා වී ඇති අතර වත්මන් පකිස්ථාන රජයට හා රටේ හමුදාවට පක්ෂපාති නොවන පක්ෂයක් මැතිවරණයේ ඉදිරියෙන් සිටීම එයට හේතු වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසා තිබේ.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website