Editor

Editor

අතීතයේ යාපනයේ පැවති ‘යාපනය ගුරු සිරිත’ රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ බවත්, ඒ අධ්‍යාපන ක්‍රමය යළිත් ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ යාපනය තන්දයි සෙල්වා ශ්‍රවණාගාරයේදී පෙරේදා (25) පැවති යාපනය දිස්ත්‍රික් ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

ඉරිදා, 26 මැයි 2024 09:36

දෙහි මිල අහසේ..

ගාල්ල දිස්ත්‍රික්කයේ දෙහි මිල වාර්තාගත ලෙස ඉහළගොස් ඇතිබව වෙළදුන් පවසයි.

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති මැතිවරණය ප්‍රථමයෙන් මෙ වසරේ ඔක්තොම්බර් මාසයේ 17වන දින පවත් වන බවත්, එම මැතිවරණය කිසිවෙකුටත් වලක්වාලිය නොහැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසිය.

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා හෙට(27) සිට 2024 ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක නිරවුල් බිමක පූර්ණ අයිතිය සැමට උරුම කර දීමේ “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ඉරණයිමඩු නෙළුම් පියස ශාලාවේ දී පැවැත්විණි.

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසිගේ ගුවන් අනතුරට හේතුව සොයා පරීක්ෂණ කටයුතු ආරම්භ කළ කමිටුව එහි පළමු වාර්තාව නිකුත් කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.

සෙනසුරාදා, 25 මැයි 2024 09:30

රෆා නුවර ප්‍රහාර නවත්වන්න

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝග

ඊශ්‍රායලයේ රැකියා සදහා අවශ්‍ය වන්නේ අභියෝග භාරගත හැකි, තමන්ට ලබාදෙන ඉලක්කය ඉක්මවා යමින් වැඩ කළ හැකි, ලංකාවේ නම රදවන්න පුළුවන් ශක්තිමත් තරුණ පරපුරක් මිස එක එක කාලකන්නි පටු දේශපාලඥයින්ගේ උවමනාව අනුව උද්ඝෝෂණ කරන අය නොවන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website