උතුරු ඉන්දියාවේ ආගමික රැස්වීමකදී සිදුවූ අධික තෙරපීමකින් පුද්ගලයන් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
විසි එක් වන සියවසේ සියලු ක්ෂේත්රයන්හි පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අදාළ වන බවත් අප රටට ද ඊට මුහුණ දීම අනිවාර්ය කාරණයක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
හදුනාගත් සංචාරක ආකර්ෂණීය වෙරළ කලාප 26ක් මේ වසර තුළ සංවර්ධනය කෙරේ. එම වෙරළ කලාප 26 සංවර්ධනය කිරීම සඳහා වන මූලික නිර්මාණ හා ව්‍යුහ සැලසුම් සැකසීම මේ දිනවල සිදු කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
කතරගම ඇසළ මංගල්‍යය ආරම්භ වීමත් සමග පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ කපු පරපුර දෙකක් අතර දේවාලයේදී පෙරේදා (30 වැනිදා) පස්වරුවේ ගැටුමක් ඇති වී තිබේ.
කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට නොහැකි වූ රුපියල් බිලියන 200 කට අධික මුදලක් මේ වනවිට ගෙවා අවසන් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අභ්‍යවකාශ ක්ෂේත්රය ජය ගැනීමට ඔස්ට්‍රේලියානු රජය ඉන්දියාව සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 18ක ඒකාබද්ධ ව්‍යාපෘතියකට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දේශගුණික විපර්යාස, නිෂ්පාදන ඉහළ දැමීම සහ උසස් ප්‍රමිතියෙන් යුතු කෘත්‍රිම බුද්ධිය වැඩි දියුණු කිරීම වැනි අරමුණු කිහිපයක් ඉලක්ක කරමින් එම ගිවිසුමට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ජනාධිපති පරිසර සම්මාන උලෙළේදී පරිසර වාර්තාකරණය වෙනුවෙන් සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදිනී සුරේකා නිල්මිණි ඉලංකෝන් හා විශේෂාංග කර්තෘ සුභාෂිණී ජයරත්න රන් හා රිදී සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබූහ. ලෝකඩ සම්මානය මව්බිම පුවත්පතේ මාධ්‍යවේදිනී සවනි ශේශාධිට හිමි විය.
සජිත්ගේ ආණ්ඩුවක් යටතේ හොරු අල්ලන වැඩේ භාරදෙන්නේ ෆොන්සේකාට යැයි සජිත් ප්‍රකාශ කළ බවත් දැන් ඒ ෆොන්සේකා වංචා දූෂණ හෙළි කරන බවට සජිත් පසුපස පන්නන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු විපක්ෂ නායක ආර්.සමබන්ධන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.