බෙංගාල බොක්ක ආශ්රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගිතා සඳහා වන එකමුතුව නමින් හඳුන්වනු ලබන ‘බිම්ස්ටෙක්’ ජාත්‍යන්තර සමුළුව ඊයේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හමාස් සංවිධානය සහ ඊශ්‍රායල අතර මාස 9ක් පුරා සිදුවන යුද ගැටුම් සමථයකට පත් කිරීමේ සාකච්ඡා කටාර් රාජ්‍යයේදී යළි ආරම්භ වෙද්දී ලක්ෂ 3කට අධික පලස්තීන ජනතාවට ගාසා තීරයේ අගනුවරින් වහාම පලා යන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අද (12) සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අතුරුගිරිය කඩුවෙල පාරේ ටැටූ කලාගාරයක් තුළදී නාඳුනන වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක්වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා තබා නොගන්නා ලෙස බොරැල්ල ප්‍රසිද්ධ පෞද්ගලික මල්ශාලාවකට තර්ජනාත්මක ඇමතුමක් පෙරේදා (10) රාත්‍රියේ ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සියලු ථෙරවාද බෞද්ධ රටවල් අපනයන ආර්ථික ක්‍රමය පදනම් කර ගනිමින් දියුණුව කරා පැමිණ තිබෙන බවත් ශ්‍රී ලංකාව පමණක් ආනයන ආර්ථික ක්රමයක රැඳී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස බංකොලොත්භාවයට පත්ව වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් අධිරාජයාට අයත්ව තිබූ පිස්තෝල දෙකක් යූරෝ මිලියන 1.69කට (රුපියල් කෝටි පනස්හයකට ආසන්න මුදලකට) වෙන්දේසි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අපරාධකරුවන්ට අත්අඩංගුවට පත්වීමෙන් වැළකී සිටීමට සහ පලා යෑමට අවශ්‍ය අයුරින් ප්ලාස්ටික් සැත්කම් සිදු කිරීමේ මහා ජාවාරමක් හෙළි කරගැනීමට පිලිපීන පොලිසිය සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (09) ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
සෞඛ්‍ය අධ්‍යාපනය වැනි මූලික මිනිස් අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට අදාළ වන සේවාවන් කඩාකප්පල් කිරීම වැළැක්වීම සඳහා පොදු මහජනතාවගේ යහපත හා ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය වන නව නීතියක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.