පිලිපීනයේ මැනිලා අගනුවරට දකුණින් පිහිටි තදාසන්න ප්‍රදේශයකදී පොලිසිය විසින් සිදු කරනු ලැබූ වැටලීමකින් එවැනි සැත්කම් සිදු කරන රහසිගත රෝහල් දෙකක් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
හිසකේ සිටුවීමේ උපකරණ, දත් රෝපණය කිරීමේ උපකරණ සහ සම පැහැපත් කිරීමේ උපකරණ ඇතුළු අපරාධකරුවන්ගේ මුහුණුවර මුළුමනින්ම වෙනස් කළ හැකි ප්ලාස්ටික් සැත්කම් සිදු කරන උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ එම රහසිගත රෝහල් වසා දැමීමට පිලිපීන රජය පියවර ගනු ඇතැයි ද වාර්තා වේ.
එම රෝහලේදී පුද්ගලයකුගේ මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමේ හැකියාව ඇතැයි ද, පිලිපීනයේ නමගිය නීතිවිරෝධී අන්තර්ජාල කැසිනෝ අපරාධකරුවන් ඇතුළු විවිධ ජාවාරම්කරුවන් එම රෝහලේ ගනුදෙනුකරුවන් වී ඇති බවට සාක්ෂි ලැබී ඇතැයි ද සංවිධානාත්මක අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයකු සඳහන් කර තිබේ. එම රෝහලේ සේවය කළ වියට්නාම වෛද්‍යවරු දෙදෙනකු සහ චින වෛද්‍යවරයකු සමඟ චීන ඖෂධවේදියකු සහ වියට්නාම හෙදියක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ. මේ කිසිදු පුද්ගලයකුට පිලිපීනයේ රැකියාවේ නිරතවීමට බලපත්‍ර නොතිබූ බව ද වාර්තා වේ.
DMN