බදාදා, 10 ජූලි 2024 10:26

ප්‍රංශ අධිරාජයාගේ පිස්තෝල කෝටි 56කට වෙන්දේසි වෙලා Featured

ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් අධිරාජයාට අයත්ව තිබූ පිස්තෝල දෙකක් යූරෝ මිලියන 1.69කට (රුපියල් කෝටි පනස්හයකට ආසන්න මුදලකට) වෙන්දේසි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එසේ වාර්තාගත මුදලකට අලෙවි වී ඇත්තේ 19 වැනි සියවසේ ප්‍රංශයේ සුප්‍රකට පිස්තෝල නිෂ්පාදකයන් වූ ලුයිස් මැරින් ගොසෙට් සමාගම විසින් නැපෝලියන් වෙනුවෙන් නිපදවා ඇති පිස්තෝල දෙකක් වන අතර, එය යූරෝ මිලියන 1.2ක් සහ 1.5ක මුදලකට වෙන්දේසි කිරීම වෙන්දේසිකරුවන්ගේ බලාපොරොත්තුව වූ බව ද වාර්තා වේ.

එම වෙන්දේසිය පවත්වනු ලැබුවේ ප්‍රංශයේ ෆොන්ටේන්බිලියු පළාතේ පිහිටි ඔසෙනාට් වෙන්දේසි ශාලාවේදී බවත්, එය පිහිටා ඇත්තේ නැපෝලියන් රජකම අත්හරිනු ලැබූ මොහොතේ දිවිනසා ගැනීමට උත්සාහ කළ ෆොන්ටේන්බිලියු මන්දිරයට යාබදව බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. රන් සහ රිදී ආලේපිත නැපෝලියන්ගේ පිස්තෝල ජාතික වස්තුවක් බවටත්, එය අපනයනය කිරීම තහනම් බවටත් පසුගිය මාසයේදී ප්‍රංශයේ සංස්කෘතික ඇමැතිවරයා පසුගිය මාසයේදී ප්‍රකාශ කර තිබිණි. වෙන්දේසියේදී යූරෝ මිලියන 1.69ක මුදලකට එය මිලදී ගත් පුද්ගලයා හෙළිදරවු නොවූවද, ඔහුට හෝ ඇයට එම පිස්තෝල රටින් පිට කිරීම සපුරා තහනම් වනු ඇතැයි වාර්තා වේ.

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website