බදාදා, 03 ජූලි 2024 14:37

උතුරු ඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමකින් 80කට අධික පිරිසක් මරුට Featured

උතුරු ඉන්දියාවේ ආගමික රැස්වීමකදී සිදුවූ අධික තෙරපීමකින් පුද්ගලයන් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

එය සිදුවී ඇත්තේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රස් දිස්ත්‍රික්කයේ පැවැති හින්දු ආගමික උත්සවයකදී වන අතර, තෙරපීමට ලක්වීමෙන් තුවාල ලැබූ පිරිස 200කට ආසන්න බවත් වැඩිදුරටත් වාර්තා වේ. උත්තර් ප්‍රදේශ් පොලිසිය සඳහන් කර ඇත්තේ මිය ගිය අය අතුරින් වැඩි පිරිස කාන්තාවන් වන බවය.

තෙරපීම සිදුවී ඇත්තේ එම ආගමික උත්සවය නිමාවීමෙන් පසු බැතිමතුන් ඉන් පිටව යෑමේදීය. අධික තෙරපීමෙන් තුවාල ලැබු සහ මිය ගිය පුද්ගලයන් කුඩා ට්‍රක් රථ, ත්‍රිරෝද සහ යතුරුපැදිවලින් රෝහල් කරා ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝපට සමාජ මාධ්‍යජාලා ඔස්සේ සංසරණය වන බව ද වාර්තා වේ.

ඉන්දියාවේ ආගමික උත්සවවලදී අධික තෙරපීම් වැනි සිදුවීම්වලින් වරින් වර පුද්ගලයන් මිය යන අතර, 2013 වසරේදී මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 115 දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබිණි. එමෙන්ම 2018 වසරේදී දුම්රිය මාර්ගයක සිට හින්දු උත්සවයක් නරඹමින් සිටි පුද්ගලයන් 60 දෙනකු පමණ දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්වී තිබිණි.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website