බදාදා, 03 ජූලි 2024 14:39

‘ට්‍රම්ප්ට නඩු දමන්න බෑ’ Featured

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

 වසර 2020 ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමෙන් පසු එහි ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සාහ දැරීමේ චෝදනා එල්ල වූ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව අපරාධ චෝදනා යටතේ නඩු පැවැරීමට නොහැකි බවට අමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් නොව අමෙරිකාවේ ඕනෑම ජනාධිපතිවරයකු බලයේ සිටියදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධව ඔහුට ඇති නීතිමය බලය අවධාරණය කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කළ අපරාධ චෝදනා සම්බන්ධව ඔහුගේ නීතිඥයන් පසුගියදා ඉදිරිපත් කළ අභියාචනාව ප්‍රතික්ෂේප කරමින් නිව්යෝක් නුවර අධිකරණයකින් තීන්දුවක් ලබා දී තිබූ අතර, එම අභියාචනාව සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ඉවත දැමූ බව වාර්තා වේ. 9 දෙනකුගෙන් සමන්විත විනිසුරු මණ්ඩලය හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් හිටපු ජනාධිපතිවරයාගේ අභියාචනාවට විනිසුරුවරුන් 6 දෙනකුගේම එකඟතාව පළ වීමෙන් පසු එම ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

කෙසේ වුවද බලයේ සිටියදී ගනු ලබන තීරණ සම්බන්ධව ජනාධිපතිවරයාට නිල වශයෙන් අයිතිය තිබුණද, නිල් චිත්‍රපට නිළියට මුදල් ගෙවීම සිය සමාගමේ වාර්ෂික ගිණුම් වාර්තාවට ඇතුළත් නොකිරීම වැනි නිල නොවන කටයුතු සඳහා එම බලය භාවිත කිරීමට අවසර නැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ගැන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩිව සතුටට පත් වී ඇතැයි වාර්තා වේ. එය ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව ඔහු එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහන් කර ඇති අතර, එම තීන්දුව පිළිබඳ ජනාධිපති ජෝ බයිඩ්න් දැඩි අප්‍රසාදය පළ කර ඇතැයි ද වාර්තා වේ.

 DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website