Editor

Editor

ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කොට අභියාචනාධිකරණය මඟින් පසුගියදා ලබා දුන් තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ නින්දුව අද(08) ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අද (07) අත්සන් තැබිණි.

මධ්‍යම කදුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.

ජනවාරි සිට මාර්තු දක්වා වූ කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 14ක පෞද්ගලික රථවාහන ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2024 වසරේ මුල් මාස 4 තුළදී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

රටට ගලා එන මුදල් ප්‍රමාණය ඉහළගොස් ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

ඉදිරි මැතිවරණයට පෙර හෝ පසුව මෙතෙක් අත්කරගත් රජයේ ආදායම් වැඩිකර ගැනීම ඇතුළු රාජ්‍ය මුල්‍ය අංශයේ ප්‍රගතිය ආපසු හැරවීමට ක්‍රියා කළහොත් එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන අඩාල කර, ආර්ථිකය අස්ථාවර කිරීමට හේතුවනු ඇතැයි මහ බැංකුව පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website