සිකුරාදා, 07 ජූනි 2024 09:07

කේට් කුමරිය රාජකීය කටයුතුවලින් සදහටම ඉවත් වනු ඇතැයි වාර්තාවක් Featured

පිළිකා රෝගයට ගොදුරු වීම හේතුවෙන් මහජන උත්සවවලින් ඉවත්වී සිටින බ්‍රිතාන්‍ය රජ පවුලේ කේට් කුමරිය රාජකීය කටයුතු සඳහා නැවත කිසිදිනෙක සහභාගි නොවනු ඇතැයි අමෙරිකාවේ නිව්යෝක් නුවර පදනම් කරගත් යූඑස් වීක්ලි‘ සඟරාව වාර්තා කළේය. ඇයට පිළිකාවක් වැලඳී ඇති බව පසුගිය මාර්තු මාසයේදී පළමු වරට අනාවරණය වීමෙන් පසු

ඇය රාජකීය කටයුතුවලින් තාවකාලිකව ඉවත් වූ අතර, යූඑස් වීක්ලි සඟරාව ප්‍රකාශ කර ඇත්තේ 42 හැවිරිදි කේට් කුමරිය නැවත කිසිදිනෙක රාජකීය කටයුතු සඳහා සහභාගි නොවන බවට තොරතුරු වාර්තා වී ඇති බවය.

බ්‍රිතාන්‍යයේ අනාගත රජු විලියම් කුමරුගේ බිරිය වන කේට් කුමරියට වැලඳී ඇති පිළිකාව සම්බන්ධව නිශ්චිත තොරතුරු වාර්තා නොවුවද, එය මුල් අදියරේ පවතින බවත්, ඒ සඳහා ඇය කීමෝ තෙරපි ප්‍රතිකාර ලබාගන්නා බවත් මීට පෙර වාර්තා වී තිබිණි.

 

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website