සිකුරාදා, 07 ජූනි 2024 09:04

බටහිර මෙක්සිකෝ නගරාධිපතිනිය වෙඩි තබා ඝාතනය කරලා Featured

මෙක්සිකෝවේ පළමු වතාවට කාන්තාවක් ජනාධිපති ධුරයට පත්වීමේ උණුසුම මැකී යෑමටත් පෙර නාඳුනන පිරිසක් විසින් බටහිර මෙක්සිකෝවේ නගරාධිපතිනිය වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ ඉරණමට ගොදුරු වී ඇත්තේ බටහිර මෙක්සිකෝවේ මිචාඕකැන් ප්‍රාන්තයේ කොටිජා නුවර නගරාධිපතිනිය වන යොලන්ඩා සැන්චේස් ෆිගරෝවා බවත්, ඇය සිය ආරක්ෂක නිලධාරියා සමඟ ශාරිරීක යෝග්‍යතා මධ්‍යස්ථානයේ සිට නිවෙස බලා යමින් සිටියදී එම වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි ප්‍රහාරය සිදු කර ඇති අතර, රෝහල්ගත කිරීමෙන් පසු දෙදෙනාම ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website