බ්‍රහස්පතින්දා, 06 ජූනි 2024 10:07

මෝදි සෙනසුරාදා – දිවුරුම් දෙයි Featured

නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අගමැතිවරයා ලෙස පිට පිට තුන්වැනි වරටත් ලබන 8 වැනිදා දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඊයේ උදෑසන ඉන්දීය මැතිවරණ කොමිසම නිල ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ජනාධිපතිනි ද්‍රව්පදි මුර්මු හමුවූ නරේන්ද්‍ර මෝදි සහ ඇමැතිවරු ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන් බවත්, ඊයේ එරට 17 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කැබිනට් මණ්ඩලය නිර්දේශ කළ බවත් හින්දු පුවත් සේවය වාර්තා කළේය.

ජනාධිපතිනියගේ ඉල්ලීම පරිදි නව රජයක් පත්වන තුරු භාරකාර අගමැති ලෙස මෝදි කටයුතු කරනු ඇතැයිද, හිටපු ඇමතිවරුන් ද සිය තනතුරුවල රැඳී සිටිනු ඇතැයිද ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළ බව හින්දු පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

භාරතීය ජනතා පක්ෂයට ඉන්දීය පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගැනීමට නොහැකි වුවද සිය හවුල් පක්ෂ සමඟ එක්ව යළි රජයක් පිහිටුවීමට තීරණය කර ඇති අතර, ඔවුන්ගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 293ක් ලබා සිටී. ආසන 543කින් සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුවේ රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන 272ක් පමණි.

කෙසේ වුවද හවුල් පක්ෂ සමඟ එක්ව ආසන 232ක් ලබා සිටින රාහුල් ගාන්ධිගේ ඉන්දීය කොංග්‍රසය මෙතෙක් පරාජය පිළිගැනීමට සූදානම් නැති බව ද එරට මාධ්‍ය වාර්තා කළේය.

ඔවුන්ගේ තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ බව ද වැඩිදුරටත් වාර්තා වේ.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website