බ්‍රහස්පතින්දා, 06 ජූනි 2024 10:04

මෝදිට බහුතරය අහිමිවීමෙන් කොටස් වෙළෙඳපොළ පහළට Featured

අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී ඇතැයි මැතිවරණයෙන් පෙන්නුම් කිරීමත් සමඟ ඉන්දීය කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු ලෙස පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට එන්එස්ඊ නිෆ්ටි 50 කොටස් වෙළෙඳපොළ දර්ශකය 6% කින් පහත වැටුණු බවත්, අවසන් වරට එවැනි තත්ත්වයක් ඉන්දියාවේ පෙන්නුම් කරනු ලැබුවේ 2020 මාර්තුවේ කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා දැමූ අවස්ථාවේදී පමණක් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අගමැති මෝදිගේ සන්ධානයට සභාග රජයක් පිහිටුවීමට සිදුවනු ඇතැයි මැතිවරණයේ මුල් ප්‍රතිඵලවලින් පෙන්නුම් කෙරුණු අතර, එය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ අවිනිශ්චිතභාවයට හේතු විය හැකි බව දේශපාලන විශ්ලේෂකයන්ගේ ද විශ්වාසය වී තිබිණි.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website