පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද ( 22) සිට බලාපොරොත්තුවන බවත් අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් වී මිලදී ගැනීමේ කටයුතු අඩාල වී ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.
ඉදිරි ජනාධිපතිවරයෙන් පසු ජාතික ජන බලවේගය රට භාරගන්නේ නාස්තිය දූෂණය සොරකම හා දරිද්‍රතාවය පිටුදැකීමේ සැලසුමක් ඇතිව බව එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.
මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා වීසා නිකුත් කිරීම පිළිබඳව ශේෂ්ඨාධිකරනය දුන් තීන්දුව පිළිබඳව නීතිපති උපදෙස් ඉල්ලූ බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පැවසීය.
වඳුරු උණ හෙවත් Mpox වෛරසය මේ වන විට සීඝ්‍ර ව්‍යාප්තියක පවතින අතර එක කොරෝනා වෛරසය ලෙස ලොවට දැඩි බලපෑමක් එල්ල කල හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කලාපයේ අධ්‍යක්ෂක හාන්ස් ක්ලූගේ පවසයි.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා ගංවතුර ආපදා සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට අවධානය යොමුව ඇතිබව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.