බදාදා, 21 අගෝස්තු 2024 11:56

පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 5කට තුවාල Featured

-ත්‍රස්ත විරෝධී ඒකකයෙන් දැවැන්ත සෝදිසි මෙහෙයුමක්

පාකිස්තානයේ පේෂාවර් නුවර සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු පස්දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම බෝම්බය ජංගම මුර සංචාරයේ නිරතව සිටි පොලිස් වෑන් රථයක් ඉලක්ක කරමින් දුරස්ථ පාලකයක් මගින් පුපුරුවා හැර ඇතැයි ද පේෂාවර් පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

බෝම්බ ප්‍රහාරය සඳහා පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක් පමණ භාවිත කර ඇතැයි මූලික පරීක්ෂණයේදී හෙළිවී ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 7 දෙනකු රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බවත්, ප්‍රහාරය සිදුවූ ස්ථානයෙන් සාක්ෂි එක්රැස් කරමින් සිටින බවත් පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

බෝම්බ ප්‍රහාරයෙන් පසු පේෂාවර් පොලිසිය සහ ත්‍රස්ත විරෝධී ඒකකය එක්ව නගරය පුරා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර ඇති අතර, ප්‍රහාරයට සම්බන්ධවූවන් කඩිනමින් සොයාගත හැකිවනු ඇතැයි පොලිස් අධිකාරිවරයා විශ්වාසය පළ කර ඇතැයි ද වාර්තා වේ.

 DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website