Editor

Editor

2024 ජනාධිපතිවරණයට අදාළව මේවන වනවිට පැමිණිලි 631ක් ලැබී ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයකුට ප්‍රචාරක කටයුතු සදහා රුපියල් එකසිය අසූහය කෝටී දෙලක්ෂ අනූ අටදහස් පන්සියය අසූ හයක මුදලක් වියදම් කර හැකි බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සිය මුහුදු සීමාවට අනවසරයෙන් ආක්‍රමණය කළ බව කියමින් චීන වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගත් තායිවාන ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයන් සිවුදෙනකු යළි තායිවානයට බාර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පිහිටවන ඉදිරි රජයක් යටතේ ව්‍යවසායකයන්ට ඇපයකින් තොරව ණයක් ලබාගැනීමට සංවර්ධන බැංකුවක් පිහිටුවන බව එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

තේ ඇසුරුම් කිරීමේ ආයතනයක් ලෙස මාලඹේ පිට්ටුගල කහන්තොට පාර ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගංජා වගාවක් බස්නාහිර පළාත දකුණ දිසාව භාර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වටලා තිබේ.එහිදී අදාළ නිවසේ පහත මහලේ කාමරයක් වායු සමනය කර ගංජා පැළ 174කට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ඡන්දදායකයකු වෙනුවෙන් දැරිය යුතු වියදම් ප්‍රමාණය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් බොහෝ දුරට අද (19දා) නිකුත් කිරීමට නියමිතව ඇත.

සදුදා, 19 අගෝස්තු 2024 12:16

නායයාම් අවදානම තවදුරටත්

දිස්ත්‍රික්ක 7 කට නිකුත් කර ඇති නායයාමේ අවදානම් නිවේදනය අඛණ්ඩව ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කරයි .

එංගලන්තයේ මධ්‍යම ලන්ඩනයේ තේම්ස් නදියට මුහුණ ලා පිහිටි පෞරාණික කලා කෞතුකාගාරයක් වන සමර්සෙට් හවුස් ගොඩනැඟිල්ලේ පසුගියදා ගින්නක් හටගත් බව එරට මාධ්‍ය වාර්තා කළේය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website