හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අය දැරූ ඇමැතිධූර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
StarLink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ලබා ගන්නා දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිරදඬුවම් ලැබූ හිටපු නීතිඥයකු කැබිනට් ඇමැතිධුරයකට පත් කරමින් තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදට තායිලන්තයේ ව්‍යවස්ථාදායක අධිකරණය විසින් එරට අගමැති ස්‍රෙතා තවිසින් ධුරයෙන් පහ කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සමගි ජන බලවේග පාලනයක් යටතේ පෙට‍්‍රල් ලිටරයක් රුපියල් 150ට ගෙන එන බවට ඇතැමුන් පැවසුවක් එය සිදු කළ නොහැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැරුණු කොට ගෘහස්ථ කාණ්ඩයේ ජල ගාස්තු සියයට 7කින් අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කරන දින සම්බන්ධයෙන් අද (14) අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම අදහස් කර තිබේ. ඒ සඳහා දින 4ක පමණ කාලයක් ලබාදීමට මේ වන විටත් මැතිවරණ කොමිසමේ අවධානය යොමුකර ඇත.