බදාදා, 14 අගෝස්තු 2024 09:49

විරෝධතා පාලනය කිරීමට හසීනාට හමුදා සහාය ලැබී නැහැ Featured

රටින් පිටවූ දිනයට පෙර දින රාත්‍රියේ විරෝධතාකරුවන්ට වෙඩි නොතබන්න හමුදා ප්‍රධානීන් අතර සාකච්ඡාවක්

සරසවි සිසුන් ඇතුළු විරෝධතාකරුවන්ගේ දැඩි බලපෑම හමුවේ අගමැතිනිය ශෙයික් හසීනා රටින් පිටවූ දිනයට පෙර දින රාත්‍රියේ හමුදා ප්‍රධානියා සිය උසස් නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇතැයි ද, සිවිල් වැසියන්ට වෙඩි නොතැබීමට තීරණය කළ බව ද බංග්ලාදේශ යුද හමුදාවේ ඉහළ නිලධාරීන් දෙදෙනකු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම සාකච්ඡාවෙන් පසු යුද හමුදාපති ජෙනරාල් වාකර් උස් සමාන් අගමැති නිල නිවෙසේදී ශෙයික් හසීනා මුණගැසී විරෝධතා මැඬ පැවැත්වීමට සිය හමුදාවට නොහැකි බව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ශෙයික් හසීනා ඉන්දියාවට දුරකතන ඇමතුමක් ලබා දී බංග්ලාදේශයේ පවතින තත්ත්වය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් සිදු කර ඇත්තේ ඉන් පසුව බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇය රටින් පිටවීමට තීරණය කර ඇත්තේ තවදුරටත් හමුදාවේ සහාය තමා වෙත නොලැබෙන බව තහවුරු කර ගැනීමෙන් පසුව බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

DN 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website