බදාදා, 14 අගෝස්තු 2024 09:47

‘වෙඩි වැදී එකා පිට එකා බිම වැටුණත් අනිත් අය සෙලවුණේ නෑ’ Featured

-බංග්ලාදේශයේ විරෝධතාකරුවන්ට වෙඩි තැබූ අයුරු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියයි

බංග්ලාදේශයේ ගැටුම් අතරතුර විරෝධතාකරුවන්ට හා ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවූවන්ට එරෙහිව කටයුතු කිරීමට සිදුවීම පිළිබඳ එරට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු හිටපු ස්වදේශ කටයුතු ඇමැතිවරයාට ප්‍රකාශ කර ඇතැයි එරට ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කළේය. හිටපු අමාත්‍යවරයා විසින් සමාජ මාධ්‍යජාලයේ ආන්දෝලනයට තුඩු දුන් වීඩියෝපට නරඹනු ලැබූ බවත්, එහිදී අදාළ පොලිස් නිලධාරියා මුහුණ පෑමට සිදුවූ අත්දැකීම් හිටපු අමාත්‍යවරයාට පැහැදිලි කර දුන් බවත් ඩේල් ස්ටාර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

‘එක් එක්කෙනා ගානේ වෙඩි තියන්න අපිට සිද්ධ වුණා. වෙඩි පහරින් විරෝධතාකරුවෙක් බිම ඇද වැටුණට අනිත් අය සෙලවුණේවත් නෑ. අපි බියට හා කනස්සල්ලට පත්වුණේ එනිසයි. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් එසේ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website