ශෙයික් හසීනා අගමැතිධුරයෙන් ඉවත්වීම දක්වා දිග්ගැස්සී ගිය විරෝධතා හා ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයන් සිය ගණනාවක් තුවාල ලබා ඇතැයි ද ඔවුන්ගේ නිවාස සහ ව්‍යාපාරික ස්ථානවලට ප්‍රහාර එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ප්‍රචණ්ඩත්වයට එරෙහිව හින්දු ජාතිකයන් පසුගිය සෙනසුරාදා බංග්ලාදේශයේ විශාලතම නගර වන ඩකා අගනුවර හා චිතගොන් නුවර දැවැන්ත විරෝධතා රැලි පැවැත්වූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඉන්දියාවේ ඉස්ලාම් පූජකවරු විසින් බංග්ලාදේශයේ හින්දු ජාතිකයන්ට සිදුවූ හිංසනය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කරනු ලැබූ බව ද වාර්තා වේ. බංග්ලාදේශයේ ස්ථාන රැසක හින්දු කෝවිල් විරෝධතාකරුවන්ගේ පහරදීමට ලක්වී ඇති අතර, ඇතැම් හින්දු කෝවිල් ආරක්ෂා කිරීමට එරට මුස්ලිම් ජාතිකයන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.
DMN