බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2024 10:46

සිර­ද­ඬු­වම් ලැබූ නීති­ඥ­ය­කුට කැබි­නට් ඇමැති ධුරයක් දීමේ වර­දට තායි­ලන්තයේ අග­මැති ධුරයෙන් නෙරපයි Featured

සිර­ද­ඬු­වම් ලැබූ හිටපු නීති­ඥ­යකු කැබි­නට් ඇමැ­ති­ධු­ර­ය­කට පත් කර­මින් තායි­ලන්ත ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව උල්ලං­ඝ­නය කිරීමේ වර­දට තායි­ල­න්තයේ ව්‍යව­ස්ථා­දා­යක අධි­ක­ර­ණය විසින් එරට අග­මැති ස්‍රෙතා තවි­සින් ධුර­යෙන් පහ කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

62 හැවි­රිදි තවි­සින් නොසැ­ල­කි­ලි­මත් ආකා­ර­යෙන් කට­යුතු කර ඇතැයි ද, ආචා­ර­ධර්ම පිළි­බඳ නීති­රෙ­ගු­ලාසි උල්ලං­ඝ­නය කර ඇතැයි ද කිය­මින් තායි­ලන්ත ව්‍යව­ස්ථා­දා­යක අධි­ක­ර­ණය මේ තීන්දුව ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඊයේ පැවැති නඩු විභා­ග­යේදී 9 දෙන­කු­ගෙන් යුතු විනි­සුරු මඬු­ල්ලෙන් 5 දෙන­කුම අග­මැ­ති­ව­රයා ධුර­යෙන් ඉවත් කළ යුතු බවට තීන්දු කර තිබූ බව වාර්තා වේ. තායි­ල­න්තයේ වසර 9ක හමුදා පාල­නය අව­සන් කර­මින් සෙත්‍රා තවි­සින් එරට අග­මැති ධුර­යට පත්වූයේ පසු­ගිය වසරේ අගෝ­ස්තු­වේ­දීය.

සෙත්‍රා තවි­සින්ට ධුරය අහිමි වූයේ එරට අග­මැති ධුර­යට පත්වී වස­ර­ක­ටත් අඩු කාල­ය­කදී වන අතර, වසර 16ක් ඇතු­ළත එම අධි­ක­ර­ණය විසින්ම ධුර­යෙන් නෙරපා හරිනු ලැබූ තුන්වැනි අග­මැ­ති­ව­රයා ලෙස ඉති­හා­ස­යට එක්වූ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. පාර්ලි­මේ­න්තුව තුළින් නව අග­මැ­ති­ව­ර­යකු පත්ව­න­තුරු අන්ත­ර්වාර අග­මැ­ති­ව­ර­යකු පත්වනු ඇතැයි ද වාර්තා වේ.

අල්ලස් ගැනීමේ චෝද­නා­ව­කට වර­ද­කරු වී මාස 6ක සිර­ද­ඬු­වම් ලැබූ පිචිට් චුයි­න්බන් නමැති එම හිටපු නීති­ඥයා කැබි­නට් ඇමැති ධුර­ය­කට පත්කි­රිම හේතු­වෙන් අග­මැ­ති­ව­රයා ඉවත් කරන ලෙස මන්ත්‍රී­ව­රුන් 40කට වැඩි පිරි­සක් විසින් එම අධි­ක­ර­ණ­යට පෙත්ස­මක් ගොනු කරනු ලැබුවේ පසු­ගිය මැයි මාස­යේ­දීය.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website