බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2024 10:48

අඟ­හරු ග්‍රහයාගේ ගැඹුරු පතුලේ සාග­ර­යකට ඇති තරම් අතිවිශාල ජල­ධා­රි­තා­වක් Featured

නාසා විද්‍යා­ඥ­යන්ගේ අධ්‍ය­ය­න­ය­කින් හෙළි වෙයි

අඟ­හරු ග්‍රාහ­කය මතු­පිට සාග­ර­යක් නිර්මා­ණය කිරී­මට ප්‍රමා­ණ­වත් ජල ධාරි­තා­වක් එහි ගැඹුරු පතුලේ තැන්පත්වී ඇති බව නාසා ආය­ත­නයේ නව පර්යේ­ෂ­ණ­ය­කින් හෙළි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ග්‍රහයාගේ කිලෝ­මී­ටර් 20ක් තරම් ගැඹු­ර­කින් එම ජල ධාරි­තාව තැන්පත් වී ඇති බවට එහි මතු­පිට ඇති කුඩා ඉරි තැලීම් හා පාෂාණ සිදු­රු­ව­ලින් අනු­මාන කළ හැකි යැයි නාසා ආය­ත­නයේ විද්‍යා­ඥ­යන් කණ්ඩා­ය­මක් ප්‍රකාශ කර තිබේ. නාසා ආය­ත­නයේ විද්‍යා­ඥ­යන් කණ්ඩා­යම එසේ අනු­මාන කර ඇත්තේ මීට වසර කිහි­ප­ය­කට පෙර අඟ­හරු ග්‍රහයාගේ අභ්‍ය­න්ත­රය අධ්‍ය­ය­නය කිරීම සඳහා භූ කම්පන මාප­ක­යක් සවි කළ ලැන්ඩ­ර­යක් යැවී­මෙන් ලබා­ගත් දත්ත වාර්තා විශ්ලේ­ෂ­ණය කිරී­මෙන් බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. එම ලෑන්ඩ­රය වසර 2018 සිට 2022 දක්වා කාල­යේදී අඟ­හරු ග්‍රහයාගේ මතු­පිට ගොඩ බස්වා අධ්‍ය­යන කට­යුතු සිදු කර ඇතැයි ද වාර්තා වේ.

ජලය ඇතැයි අනු­මාන කරන ගැඹුරු සීමා­වට ප්‍රවේශ වීමට ඉදිරි අනා­ග­ත­යේදී විද්‍යා­ඥ­යන් සමත් වන්නේ නම් අඟ­හරු මතු­පිට ජීවින්ට වාසය කිරී­මට සුදුසු පරි­ස­ර­යක් නිර්මා­ණය කිරීමේ හැකි­යාව ද පව­තින බව නාසා ආය­ත­නයේ විද්‍යා­ඥ­යන් ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවද එය විශාල අභි­යෝ­ග­යක් වනු ඇතැයි ද ඔවුන් සඳ­හන් කර ඇත.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website