අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
සියලු රජයේ විශ්‍රාමිකයන්ට රුපියල් තුන්දහසක විශේෂ අන්තර්කාලීන දීමනාවක් ගෙවීමට රජය ගෙන ඇති තීරණය අකුළා ගන්නා ලෙස මැතිවරණ කොමිසම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට කර ඇති දැනුම් දීම නොතකා එම දීමනාව ගෙවීමට රජය තීරණය කර තිබේ.
මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ ජාතික ජන බලවේගය පක්ෂයේ මූල්‍ය වාර්තාවේ රුපියල් මිලියන 83ක් ඇතැයි සඳහන්ව තිබෙන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඕනෑම මොහොතක ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රහාරයකදී තුවාල ලබන සිය පුරවැසියන්ගේ සහ හමුදා සෙබළුන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය පරිදි ඊශ්‍රායලය භූගත රෝහල් ඉදි කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බංග්ලාදේශයේ අගමැතිනියගේ නිල නිවෙස විරෝධතාකරුවන් විසින් වට කරනු ලැබීමේ අවස්ථාවේදී කුල්නා පළාතේ පිහිටි ඇගේ සමීපතම දේශපාලන සගයකු වන බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෂ්රාෆි මොර්ටාසාගේ නිවෙසට ද විරෝධතාකරුවන් විසින් ගිනි තබනු ලැබූ බව
මේ මොහොතේ ධුරය අතහැර ගොස් සිටින බංග්ලදේශයේ හිටපු අගමැතිනි සික් හසීනා ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුදුන් දී සිටි අවස්ථාවේ උදව් කළ බව තමන් සිහිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ශ්‍රි ලන්කා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දීන කීපය තුල නැවත ඇමෙරිකාවේ පදින්චියට යාමට සූදානම්න් සිටින බව ආරංචි මාර්ග පවසයි.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පැමිණි ඝාතකයන් පලා ගිය බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයාගැනීමට පොලිසියට හැකිවී ඇත.
2023 සහ 2024 මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට බිත්තර මිලියන 233.68ක් ආනයනය කර ඇතැයි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවසීය.