අඟහරුවාදා, 20 අගෝස්තු 2024 09:20

ඔන්ලයින් සාප්පු සමාගම්වලින් ගෙන්වූ ඇඳුම්වල අහිතකර රසායනික ද්‍රව්‍ය Featured

- සෝල් නුවර පරීක්ෂණයකින් හෙළි වෙයි

ලොව වඩාත්ම ජනප්‍රිය ඔන්ලයින් සාප්පු සමාගම් කිහිපයක් විසින් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරනු ලබන කාන්තා ඇඳුම් පැලඳුම් හා උපාංගවල විෂකාරක ද්‍රව්‍ය අන්තර්ගත වී තිබූ බව දකුණු කොරියාවේ සෝල් අගනුවර බලධාරීන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පරීක්ෂණයට ලක් කරනු ලැබූ එවැනි ඇතැම් කාන්තා ඇඳුම් පැලඳුම්වල රසායනික ද්‍රව්‍ය පිළිගත හැකි මට්ටමට වඩා සිය ගුණයකින් වැඩි බවත් හෙළි වී ඇතැයි ද සෝල් නුවර බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පසුගිය වසර කිහිපයේදී ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඉතා අඩු මුදලකට අන්තර්ජාලය ඔස්සේ කාන්තා ඇඳුම් පැලඳුම් අලෙවි කරනු ලබන එවැනි අන්තර්ජාල සාප්පු සමාගම්වලින් ගෙන්වනු ලබන ඇඳුම් පැලඳුම් සතිපතා පරීක්ෂාවට ලක් කිරීමට සෝල් අගනුවර බලධාරීන් පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

ජාත්‍යන්තර අන්තර්ජාල සාප්පු සමාගම් වන ෂීන්, අලි එක්ස්ප්‍රස් සහ ටෙමූ සමාගම්වලින් ගෙන්වනු ලැබූ නිෂ්පාදන වර්ග 144ක් පසුගියදා සෝල් අගනුවර බලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වී ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් දකුණු කොරියාවේ නීතිමය ප්‍රමිතියට අනුකූල නොවන බව තහවුරු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ෂීන් නමැති අන්තර්ජාල සමාගමින් ගෙන්වනු ලැබූ පාවහන්වල ප්ලාස්ටික් නම්‍යශීලී කිරීමට භාවිත කරනු ලබන රසායනික ද්‍රව්‍ය නීත්‍යානුකූල සීමාවට වඩා 229%කින් වැඩි බව සොයාගෙන ඇතැයි වාර්තා වේ. එම රසායනික ද්‍රව්‍ය අධික වීම හේතුවෙන් ශුක්‍රාණු ප්‍රමාණය අවම කිරීම වැනි ප්‍රජනන ක්‍රියාකාරකම් සඳහා බලපෑම් ඇතිවිය හැකි බවත්, වඳභාවයට හා නොමේරූ දරු උපත් පවා ඇතිවිය හැකි බවත් සෝල් නුවර බලධාරීන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website