මායු දූපතේ ගොඩනැගිලි, නිවාස සහ මෝටර් රථ විශාල සංඛ්‍යාවක් ගින්නෙන් විනාශ වී ඇති අතර, එරට මාධ්‍ය වාර්තාවලට අනුව ගොඩනැගිලි 1,700ක් පමණ ගිනිබත් වී තිබේ. මේ ළැව්ගින්න හවායි දූපත් ඉතිහාසයේ වඩාත්ම ව්‍යවසනකාරී සිදුවීම ලෙස නම් කර ඇති අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් ප්‍රකාශ කර තිබේ.
ඊයේ වන විට මායු දූපතින් සංචාරකයන් 14,000ක් ඉවත් කර ඇති අතර, තවත් සංචාරකයන් විශාල පිරිසක් දූපතේ කොටු වී සිටින බව ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. තත්ත්වය සැලකිල්ලට ගනිමින් මායු දූපතට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර, අතිවිශාල මෙහෙයුමක් දියත් කරමින් සංචාරකයන් සහ දූපත්වාසීන් බේරා ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
DMN