බදාදා, 15 පෙබරවාරි 2023 10:20

තුර්කි - සිරියා භූ කම්පනයෙන් මියගිය පිරිස 41,000 ඉක්මවයි Featured

තුර්කි - සිරියා භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 41,000 ඉක්මවා ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට සහන කණ්ඩායම්වල අවධානය දැඩි සීත කාලගුණය මධ්‍යයේ නවාතැන් හෝ ප්‍රමාණවත් ආහාර නොමැතිව පීඩාවට පත්ව ඇති ජනතාවට උපකාර කිරීම කෙරෙහි යොමු වී ඇති බවයි.

ඒ අනුව රුසියාව ඇතුළු රටවල් කිහිපයක් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා ක්‍රියාත්මක කළ මෙහෙයුම් අවසන් කර තිබේ.

මේ අතර රටවල් දෙකෙහි මිලියන 26කට මානුෂීය ආධාර අත්‍යවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ය.

සනීපාරක්ෂාව සහ බෝවන රෝග පැතිරීම වැනි සෞඛ්‍ය ගැටලු පාලනය පිළිබඳව ද ජාත්‍යන්තර සංවිධාන සිය අවධානය යොමු කර තිබේ.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website