සෙනසුරාදා, 02 සැප්තැම්බර් 2023 16:43

‘ආදිත්‍යා L-1’ සූර්ය මෙහෙයුම අරඹයි Featured

ඉන්දියාව සිය පළමු සූර්ය මෙහෙයුම අද (02) දියත් කළේය.ඒ අනුව එම මෙහෙයුම සඳහා නිෂ්පාදනය කළ ‘ආදිත්‍යා L-1 ‘යානය ඉන්දීය වේලාවෙන් අද (02) උදෑසන 11:50ට ශ්‍රීහරිකොටා මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගතවිය.

එම යානය පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5ක දුරකින් ස්ථානගත කර සිය සූර්‍ය මෙහෙයුම සිදුකිරීමට නියමිතය.එම දුර පෘථිවිය සහ සූර්යයා අතර දුරින් සියයට එකක ප්‍රමාණයක් වන අතර එම දුර ගමන් කිරීමට මාස හතරක කාලයක් ගතවනු ඇති බව ඉන්දිය අභ්‍යවකාශ ඒජන්සිය පවසයි. 2008 වසරේ නිෂ්පාදනය ආරම්භ කළ ආදිත්‍යා L-1 සුර්ය මෙහෙයුම් යානය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 378ක් වැය කර ඇති බව සඳහන් වේ.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website