සදුදා, 04 සැප්තැම්බර් 2023 11:01

මැද පෙරදිග ගෘහසේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල ලබා ගත් ශ්‍රී ලාංකික කාන්තාව යළි දිවයිනට Featured

තමන්ට සිදු වූ විශාල අසාධාරණයකට මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල ලබා ගත් ශ්‍රී ලාංකික කාන්තාව කුවේට් රාජ්‍යයේ සිට ඊයෙ තුන දිවයිනට පැමිණ තිබුණා.

 මහියංගණය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන ඇය වන්දි වශයෙන් හිමි වූ මුදල රුපියල් 68 ලක්ෂයක්.

තිස් දෙහැවිරිදි වියේ පසු වන මැය 2022 වසරේ ඔක්තෝම්බර් මස විසි දෙවන දින ගෘහ සේවය සඳහා කුවේට් රාජ්‍යය වෙත පිටව ගොස් තිබුණා.

එහිදී ඇය සේවය කළ නිවසේ හිමිකරු ගේ පුත්‍රයා විසින් බලහත්කාරයෙන් අවස්ථා කීපයක දී මෙම තරුණිය දූෂණයට ලක් කර ඇති බවයි වාර්තා වුණේ.

පසුව එම කුවේට් ජාතික තරුණයාගේ මව විසින් මෙම තරුණිය ගැබ් ගෙන ඇති බවට දැන ගැනීමත් සමඟ රහසිගතව නිවස වෙත වෛද්‍යවරයෙක්ගෙන් වා තරුණියට බලහත්කාරයෙන් ගබ්සා කිරීමක් සිදුකර තිබෙනවා.

එම ගබ්සා කිරීමෙන් පසු රෝගී වී ඇති මෙම ශ්‍රී ලාංකික තරුණිය පසුගිය මාර්තු මස 23 වන දින රෝද පුටුවක හිඳුවා ශ්‍රී ලංකාවට ආපසු එවීම සඳහා කුවේට් ගුවන් තොටුපොළ වෙත දූෂණය සිදු කළ කුවේට් ජාතික තරුණයාගේ පියා විසින් කැඳවා ගෙනවිත් තිබෙනවා.

එහිදී ගුවන්තොටුපල බලධාරීන් විසින් අසනීප තත්ත්වයේ සිටි මෙම තරුණියගෙන් කරුණු විමසා ඇති අතර එහිදී ඇයට මුහුණ දීමට සිදු වූ සිදුවීම ඔවුන්ට පවසා ඇති බව සඳහන්.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීමට එරට ගුවන් ගුවන් තොටුපල බලධාරින් විසින් පියවර ගෙන තිබෙනවා.

පසුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම තරුණියව වහාම ජබරියා අල් මුබාරක් රෝහල වෙත ඇතුලත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම තරුණියට වූ අසාධාරණය සම්බන්ධයෙන් එරට අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර, එහිදී එරට නීතිවේදීන් සමග මාස හයක පමණ කාලයක් දැඩිව ගැටෙමින් මෙම තරුණියට කුවේට් ඩිනාර් 65,000 වන්දි මුදලක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

එය මෙරට මුදලින් රුපියල් හැට අට ලක්ෂයක්

අදාල වන්දි මුදල නොගෙවන්නේ නම් වැරදිකරු වූ කුවේට්
ජාතික තරුණයා ට සිර දඬුවම් පැනවීමට ද නියම කර තිබෙනවා.

ඒ අනුව අදාළ වන්දි මුදල සහ යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට් පත්‍රය කුවේට් ජාතිකයා විසින් මෙම තරුණිය වෙත ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

ඉන් අනතුරුව මෙම ශ්‍රී ලාංකික තරුණිය ඊයේ තුන් වැනිදා උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවය UL230 දරන ගුවන් යානයෙන් කුවේට්හි සිට මෙරටට පැමිණි බව ගුවන්තොටුපල අප වාර්තාකරු පවසා සිටී.

 

සුජීවා බණ්ඩාර

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website