අඟහරුවාදා, 05 සැප්තැම්බර් 2023 10:49

බයිඩන්ගේ බලාපොරොත්තු සුන්කළ චීන ජනපති Featured

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන G-20 සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් සහභාගි නොවන බව ප්‍රකාශ කිරීමෙන් තමාගේ බලාපොරොත්තු සුන් වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

කෙසේ නමුත් චීන ජනාධිපතිවරයා හමුවීමට මඟක් සොයාගන්න බව ඩෙලවෙයාහිදී වාර්තාකරුවන් අමතමින් ඔහු කියා සිටියේය.

"I AM A DISSAPOINTED... BUT I AM GOING TO GET TO SEE HIM" අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ලබන 7 වැනිදා සිට 10 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වෙන G-20 සමුළුව සඳහා සහභාගිවන අතර ඉන් අනතුරුව වියට්නාමයේ සංචාරය කිරීමට නියමිතය.

චීන ජනාධිපති ෂී ජින්පින් ඉන්දියාවේ පැවැත්වෙන G-20 සමුළුවට පැමිණියහොත් චීන ජනාධිපතිවරයා සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් සිදුවනු ඇතැයි බොහෝදෙනා අපේක්ෂා කළේය.

ලොව විශාලතම ආර්ථිකයන් හිමි රටවල් දෙකේ නායකයන් අතර එවැනි හමුවක් අවසන් වරට සිදුවූයේ පසුගිය වසරේ ඉන්දුනීසියාවේ බාලි නුවර පැවති G-20 සමුළුවේදීය.

මෙවර ඉන්දියාවේ පැවැත්වෙන සමුළුවට ජනපති ෂී ජින්පින් වෙනුවට අග්‍රාමාත්‍ය ලී චියං, චීනය නියෝජනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

G-20 සමුළුවට සහභාගිවීමෙන් අමෙරිකානු - ඉන්දීය සහයෝගීතාව ශක්තිමත් කරලීමට බලාපොරොත්තු වන බවත් ජනපති බයිඩන් කියා සිටියේය.

එමෙන්ම වියට්නාමය සමඟ සබඳතා ඉහළ තලයකට රැගෙන ඒමට අදහස් කරන බව ජනපති ජෝ බයිඩන් සඳහන් කළේය.

අග්නිදිග ආසියාවේ අමෙරිකාවට කළු පැල්ලමක් වූ වියට්නාමය අද නිදහස් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් අමෙරිකාව සමග හොඳ සබඳතාවක් පවත්වාගෙන යයි.

එහෙත් එය සිය බලගතු අසල්වැසියා වන චීනය උදහසට ලක්නොවන මට්ටමින් පවත්වාගැනීමයි වියට්නාමයේ අපේක්ෂාව වෙයි.

ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සංචාර තුළින් ඒ සඳහා වියට්නාමය යොමුකරවා ගැනීමට අමෙරිකාව අඛණ්ඩව උත්සාහයක නිරත වේ.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website