ඉරිදා, 10 සැප්තැම්බර් 2023 10:58

මොරොක්කෝවේ භූ කම්පන මරණ ගණන දෙදහසත් පනී Featured

මොරොක්කෝවේ ඉකුත් 08 වැනිදා රාත්‍රියේ දී ඇතිවූ රිච්ටර් මාපක 6.8ක ප්‍රභල භූ කම්පනයෙන් මිය ගිය ගණන දෙදහස ඉක්මවා ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි.

දැනට හමුවී ඇති මළ සිරුර ගණන 2,021කි.තුවාල ලැබූ ගණන ද දෙදහස ඉක්මවා තිබේ.දැනට වාර්තා වන තුවාල ලැබූවන් ගණන 2,059කි. ඉන් 1,404ක් බරපතල තුවාල ලබා සිටිති.මොරොක්කෝවට මෙවැනි ප්‍රභල භූ කම්පනයක් හටගෙන ඇත්තේ වසර 120කට පසුය. මොරොක්කෝවේ ප්‍රධාන සංචාරක පුරවරයක් වන මර්කෙච් හි කඳුකර ප්‍රදේශයේ ඇති වූ මෙම භූ කම්පනයෙන් එම ප්‍රදේශයේ පිහිටා තිබූ ඓතිහාසික දේවස්ථානයකට ද හානි සිදුව ඇතැයි වාර්ථාවේ.එසේම 12 වැනි ශතවර්ෂයට අයත් ප්‍රාකාරකයටද හානි සිදුව තිබේ.මෙම ප්‍රදේශයේ ජනගහනය 840,000ක් පමණ වන බව වාර්තාවේ.

 

DN

 

 

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website