සිකුරාදා, 08 සැප්තැම්බර් 2023 09:02

ඉස්ලාම් සටන්කාමී ප්‍රහාරයකින් සියයකට අධික පිරිසක් මරුට Featured

මාලි රාජ්‍යයේ ගංඟාවක යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු ඉස්ලාමීය සටන්කාමී ත්‍රස්ත ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු මියගොස් තිබේ.

එරට අන්තර්වාර රජය ප්‍රකාශ කළේ, ඉස්ලාමීය සටන්කාමීන් විසින් ප්‍රහාරය එල්ලකර ඇති බවය.එමෙන්ම හමුදා කඳවුරකට එල්ලවු ප්‍රහාරයකින් ද හමුදා නිළධාරීන් 15 දෙනෙකු මියගොස් තිබේ.එම ප්‍රහාරය අතරතුර සටන්කාමීන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.මේ අතර මාලි රාජ්‍යයේ දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.2020 වසරේ සිට එම රාජ්‍යය හමුදා පාලනයක් යටතේ ක්‍රියාත්මකය.

 

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website