බ්‍රහස්පතින්දා, 14 සැප්තැම්බර් 2023 10:33

ලොවම මවිත කරමින් – පිටසක්වල ජීවින්ගේ සිරුරු පෙන්වති Featured

ලෝකයම විමතියට පත් කරමින් මෙක්සිකෝ අගනුවර ඊයේ (13 දා) වසර දහසක් පැරණි පිටසක්වල ජීවී සිරුරු දෙකක් ප්‍රදර්ශනය කරනු ලැබීය.

මෙක්සිකෝ මාධ්‍යවේදියකු වන ජේමි මෝසාන් හට මෙම මළ සිරුරු ප්‍රදර්ශනය කිරීම සඳහා මෙක්සිකෝ රජය අවසර ලබාදී තිබිණි.

වීදුරු ආවරණයක් සහිත පෙට්ටි දෙකක තබා තිබූ මෙම මළ සිරුරු පේරු රාජ්‍යයෙන් සොයාගත් ඒවා බව විදෙස් මාධ්‍ය කියයි.

මෙම මළ සිරුරු දෙක පිටසක්වල ජීවීන්ට අයත් යානාවක් කඩාවැටී සොයාගන්නා ලද ඒවා නොව ඇල්ගී පතලකින් සොයාගනු ලැබූ ඒවාය. පසුව මෙම මළ සිරුරු පොසිල බවට පත්ව තිබේ.

මෙම පිටසක්වල ජීවී මළ සිරුරු නිරීක්‍ෂණය සඳහා අමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු ද අමරිකාවේ නාවික හමුදාවේ නිලධාරීහු ද පැමිණ සිටියහ.
චතුර පමුණුව

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website