සිකුරාදා, 20 ඔක්තෝබර් 2023 16:25

බයිඩන් එන විටම රිෂී ඊශ්‍රායලයට Featured

ඊශ්‍රායලයට සහාය පළ කිරීම සඳහා පෙරේදා (18 දා) එරට සංචාරයක නිරත වූ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරටින් නික්ම යද්දී එංගලන්ත අගමැති රිෂි සුනක් ද ඊයේ (19 දා) ඊශ්‍රායලයට සහය පළ කිරීම සඳහා එරටට පැමිණි බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉකුත් 07 වැනිදා හමාස් අන්තවාදීන් විසින් ඊශ්‍රායලයට ගුවනින්, ගොඩබිමින් හා මුහුදෙන් අනපේක්ෂිත ලෙස එල්ල කරන ලද ප්‍රහාරය වචනයෙන් කිව නොහැකි බිහිසුණු ත්‍රස්තවාදී ක්‍රියාවක් බව ඊශ්‍රායලයේ ටෙල්අවිව් ගුවන් තොටුපළට ගොඩ බැසීමෙන් පසු එංගලන්ත අගමැතිවරයා මාධ්‍යවේදීන් අමතා පවසා තිබේ.

ඊශ්‍රායලයට පැමිණි එංගලන්ත අගමැතිවරයා ඊයේ දිනයේ ජෙරුසෙලමේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හා ජනාධිපති අයිසැක් හර් සොග් හමු වී සාකච්ජා පැවැත්වීමට නියමිතව තිබිණි. අගමැති සුනක්ගේ ඊශ්‍රායල සංචාරයේ අරමුණ වී ඇත්තේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය විසින් දියත් කර ඇති යුද මෙහෙයුම් සඳහා සහාය පළ කිරීම බව එංගලන්ත මාධ්‍ය පවසයි. මේ අතර ප්‍රංශ අගමැති එමානුවෙල් මැක්රොන්ද ඊශ්‍රායලයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ඒමන්ති මාරඹේ

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website