සෙනසුරාදා, 21 ඔක්තෝබර් 2023 12:09

අමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකුට නිදහස Featured

හමාස් සංවිධානය විසින් ඔක්තෝම්බර් 07 වැනි දින පැහැරගෙන ගිය සිරකරුවන් 200 දෙනෙකු ගෙන් අමරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, අමරිකානු පුරවැසියන් දෙදෙනෙකු වන මවක් සහ ඇගේ දියණිය මෙලෙස නිදහස් කර ඇති බවයි.

ගාසා තීරයට සමීප ඊශ්‍රායලයේ තම හිතවතුන් පිරිසක ගේ සුවදුක් බැලීමට පැමිණ සිට අවස්ථාවේ සිදු වූ හමාස් මෙහෙයුමේ දී මොවුන් පැහැර ගැනීමට ලක් ව තිබිණි.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළේ කෙසේ ද සහ කවදා ද යන්න ඉස්ලාමීය කණ්ඩායම ප්‍රකාශ කර නොමැති බව සඳහන්ය.

හමාස් සංවිධානය මඟින් පැහැරගත් බොහෝ දෙනා තවමත් ජීවතුන් අතර සිටින බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත.

ප්‍රාණ ඇපකරුවන් 20කට වැඩි පිරිසක් බාලවයස්කරුවන් වන අතර, අවුරුදු 60ට වැඩි අය ද සිටින බව වාර්තා වේ.

ඔක්තෝබර් 07 වැනිදා ආරම්භ වූ පලස්තීන හා ඊශ්‍රායල ගැටුම්වලින් පුද්ගලයන් 5,500කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website