සදුදා, 23 ඔක්තෝබර් 2023 11:14

ගමට කඩාවැදුණු තුවක්කුකරුවෝ Featured

වයඹදිග නයිජීරියාවේදී තුවක්කුකරුවන් පිරිසක් විසින් පුද්ගලයින් 50 දෙනෙකු පැහැරගෙන ගොස් තිබේ.

මෙම පිරිසට කාන්තාවන් සහ ළමුන් ද අතුළත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

නයිජීරියාවේ සම්ෆාරා ප්‍රාන්තයේ පතල් ගම්මානයක් වන බගේගාහ ප්‍රදේශයට ආයුධ සන්නද්ධ යතුරුපැදිවලින් පැමිණ පිරිසක් මෙම පැහැගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ගමට කඩා වැදුනු තුවක්කු කරුවන් විසින් වෙඩි තබා නිවාසවලට ගිනි තබා ද ඇති බවය.

ප්‍රහාරයෙන් තිදෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වැඩිදුරටත් වාර්තා කරයි.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website