අඟහරුවාදා, 24 ඔක්තෝබර් 2023 09:06

‘ගැටුම් නතර කරන්න ගාසා තීරයට මානුෂීය ආධාර දෙන්න’ – පාප් වහන්සේ ඉල්ලති Featured

පලස්තීන – ඊශ්‍රායල්ගැටුම වහා අවසන් කරන ලෙස ෆැන්සිස් පාප් වහන්සේ දෙපාර්ශවයටම ආයාචනා කළ අතර ගාසා තීරයට තවත් මානුෂීය ආධාර ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.

“යුද්ධය සැමවිටම පරාජයක්. යුද්ධය මානව සහෝදරත්වයේ විනාශයකි. සහෝදරවරුනි, නවත්වන්න! නවත්වන්න!” යැයි රෝමයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවති සාම්ප්‍රදායික ඇන්ජලස් යාච්ඤාවෙන් අනතුරුව උන්වහන්සේ කියා සිටියහ.

“දිගටම මානුෂීය ආධාර ලබාදීමට සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට මම මගේ ඉල්ලීම අලුත් කරමි” යැයි 86 හැවිරිදි පාප් වහන්සේ සඳහන් කළහ.

පාප් වහන්සේ පසුගිය 19 වැනිදා වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේ සංක්‍රමණිකයන් සහ සරණාගතයින් වෙනුවෙන් යාච්ඤාවක් ද පැවැත්වීය.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website