අඟහරුවාදා, 24 ඔක්තෝබර් 2023 09:14

මාලදිවයිනේ නව ජනපති මුයිසු ඉන්දීය හමුදාවට රටින් යන්න කියයි Featured

මාලදිවයිනෙන් ඉන්දීය හමුදා ඉවත් විය යුතු බව එරට නව ජනපති මොහොමඩ් මුයිසු ප්‍රකාශ කර තිබේ.

“අපට මාලදිවයින් භූමියේ කිසිදු විදේශීය හමුදා සාමාජිකයකු අවශ්‍ය නැත. මේ ගැන මම මාලදිවයිනේ ජනතාවට පොරොන්දු වූ අතර ජනපති ධුරයේ වැඩ භාරගන්නා පළමු දිනයේ සිටම මම මගේ පොරොන්දුව ඉටු කරමි” යනුවෙන් හෙතෙම ප්‍රකාශ කර තිබේ. ලබන නොවැම්බර් 17 වැනිදා මොහොමඩ් මුයිසු ජනපති ධුරයේ කටයුතු ආරම්භ කරනු ඇත. මුයිසු මහතා මාලදිවයිනේ ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කිරීම ඉන්දියාවට පසුබෑමක් ලෙස සැලකේ.

මාලේ අගනුවර නගරාධිපති ලෙස කටයුතු කළ මුයිසු ‘ඉන්දියාව ඉවතට’ යන සටන් පාඨය සමඟ සිය ජනපතිවරණ ඡන්ද සටන ගෙන ගොස් තිබිණි. 1978 දී උපත ලද මුයිසු එක්සත් රාජධානියේ ලීඩ්ස් විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත.
චතුර පමුණුව

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website