×

පණිවුඩය

The previous listing was the last listing in the category. There are no listings after the previous listing. Click the back button in your browser to return to it, or browse another listing below.

බදාදා, 01 නොවැම්බර් 2023 10:56

හමාස් ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල සුරූපිනිය හඳුනාගනී Featured

ඉකුත් ඔක්තෝබර් 07 වැනිදා හමාස් අන්තවාදීන් විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී මියගිය ඊශ්‍රායල් – ජර්මන් සම්භවයක් සහිත 23 හැවිරිදි ශානි නිකොලේ ලුක් සුරූපිනියගේ මළ සිරුර ඇයගේ හිස් කබල සම්බන්ධයෙන් සිදු කළ ඩී එන් ඒ පරීක්ෂණයකින් පසු

ඇයගේ පවුලේ සාමාජිකයන් විසින් හඳුනාගෙන තිබේ. ඉකුත් ඔක්තෝබර් 07 වැනිදා ශානි විසින් ඊශ්‍රායලයේ පැවති නෝවා සංගීත උළෙලට සහභාගී වෙමින් සිටියදී හමාස් අන්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මරණයට පත් විය.

ඇය ඇතුළු අදාළ උළෙලට සහභාගී වූ 200කට අධික පිරිසක් එම ප්‍රහාරයෙන් මරුමුවට පත් වූ අතර ශානි හමාස් අන්තවාදීන් විසින් පැහැරගෙන ගොස් ඇයව මරා දමා ඇති බවත් අනතුරුව ලේ තැවරුණු ඇයගේ නිරුවත් සිරුර ට්‍රක් රථයක දමා අන්තවාදීන් විසින් මාර්ගයක රැගෙන ගොස් ඇති බව ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබේ. ඊශ්‍රායලයේ සුකොට් නමැති අස්වනු නෙලීමේ උත්සවය සැමරීම සඳහා පැවති සංගීත උළෙලකට සහභාගි වෙමින් සිටියදී ශානි හමාස් ප්‍රහාරයෙන් මරුමුවට පත්ව ඇති බව වාර්තා වී ඇත.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website