බදාදා, 01 නොවැම්බර් 2023 10:58

ගිනි කඳු පිපිරීමෙන් සිදු වූ හානියට නවසීලන්ත සමාගමකට දඩ Featured

පුද්ගලයන් 22 දෙනෙකුට මරු කැඳවමින් 2019 වසරේ නවසීලන්තයට අයත් වයිට් දූපතේ සිදු වූ ගිනි කඳු පිපිරීමෙන් සිදු වූ හානිය අවම කරගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නවසීලන්ත සමාගමක් වරදකරු කිරීමට එරට අධිකරණය විසින් පියවර ගෙන තිබේ.

නවසීලන්ත සමාගමක් වන වකාරි මැනේජ්මන්ට් ලිමිටඩ් සමාගම සංචාරකයන්ගේ ආකර්ෂණය දිනූ වයිට් දූපතේ හා එම දූපතේ පිහිටි ගිනි කන්දේ හිමිකාරිත්වය ලබාගෙන සිටින අතර අදාළ දූපතේ පිහිටි ගිනි කන්ද නැරඹීම සඳහා සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදු කරනු ලබන්නේද එම සමාගම මගිනි. එම සමාගමට අදාළ චෝදනාවට වරදකරු වීම සම්බන්ධයෙන් නවසීලන්ත ඩොලර් මිලියන 1.5ක් දක්වා වූ වන්දි මුදලක් දඩය වශයෙන් ගෙවීමට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

වකාරි මැනේජ්මන්ට් ලිමිටඩ් සමාගම 2019 වසරේ වයිට් දූපතේ සිදු වූ ගිනි කඳු පිපිරීමේදී සිදු වූ මිනිස් ජීවිත හානිය අවම කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් වරදකරු කරමින් සිය නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති විනිසුරු එවන්ජලස් තෝමස් වකාරි මැනේජ්මන්ට් සමාගම විසින් පුදුම උපදවන සුළු අසාර්ථකත්වයක් මෙහිදී පෙන්නුම් කර ඇති බව පවසා තිබේ. 2019 වසරේ දෙසැම්බර් 09 වැනිදා සිදු වූ අදාළ ගිනි කඳු පිපිරීමෙන් ගිනි කන්ද නැරඹීමට ගොස් සිටි සංචාරකයන් 22 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් සංචාරකයන් 25 දෙනෙකු දිවි ගලවා ගත්තද ඔවුනට බරපතළ පිළිස්සුම් තුවාල සිදු වී තිබිණි. එම අනතුරෙන් මියගිය පිරිසෙන් 17දෙනෙකු ඔස්ට්‍රේලියානු ජාතිකයන් වූ අතර 03 දෙනෙකු ඇමරිකානු ජාතිකයන්ද තවත් 02නෙකු නවසීලන්ත ජාතිකයන්ද විය.

DN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website