සිකුරාදා, 03 නොවැම්බර් 2023 11:57

පාකිස්තාන මැතිවරණයට දින නියම වෙයි Featured

පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 8 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වි හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු මැතිවරණයට දිනයක් තෝරා ගත් බව ද පැවැසෙයි.

පාකිස්තානය ආරක්ෂක, ආර්ථික සහ දේශපාලනික අර්බුදයකට මුහුණ දෙයි. මහ මැතිවරණය පැවැත්වීම දිනෙන් දින ප්‍රමාද වූයේ ද මෙම අර්බුද හේතුවෙනි.

මහ මැතිවරණයකට ඉඩ සලසා දෙමින් පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවූයේ පසුගිය අගෝස්තු 9 වැනිදාය.

LDN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website