බදාදා, 08 නොවැම්බර් 2023 09:45

මුම්බායි හා දිල්ලිවල දීපවාලියට ගිනිකෙළි භාවිතය සීමා කරමින් අධිකරණ නියෝගයක් Featured

ඉන්දියවේ වාණිජ අගනුවර වන මුම්බායි නගරයේ වායු දූෂණය දිල්ලි නගරයේ වායු දූෂණය මෙන්ම නරක අතට හැරෙමින් පැවතීම හේතුවෙන් දීපවාලි උත්සවය යෙදී ඇති මෙම මස 12 වැනිදා දක්වා රාජකාරි වේලාවන් තුළදී නගරය තුළ ගිනිකෙළි භාවිතය සීමා කරන ලෙස මුම්බායි මහාධිකරණය විසින් නියෝග කර තිබේ.

මේ අනුව මෙම 12 වැනිදා මුම්බායි නගරයේ ගිනි කෙලි භාවිතය සිදු කළ යුත්තේ රාත්‍රී 7 සිට 10 දක්වා පැය තුනක කාලයේ පමණක් බව මුම්බායි මහාධිකරණය විසින් නගරයේ සියළුම පළාත් පාලන ආයතන හා පොලිසි වෙත නියෝග කර තිබේ.

මුම්බායි නගරයේ වායු දූෂණය සෞඛ්‍ය තත්ත්වයට අහිතකර වන ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන්

නගරයේ වායු දූෂණය අවම කරලීමේ සැළසුම දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසද අධිකරණය අදාළ අංශ වෙත දැනුම්දී තිබේ. මුම්බායි නගරයේ වායු ගෝලයේ ගුණාත්මකභාවය පෙරේදා (06දා) දිනයේ 193ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර ඊයේ (07දා) දිනයේ එය 177ක් විය. වායු ගෝලයේ නියමිත ගුණාත්මකභාවය ලෙස සැළකෙනුයේ දර්ශකයේ 0-50 අතර අගයක් පැවතීමයි. දිල්ලි නගරයේ වායු ගෝලයේ ගුණාත්මකභාවය මුම්බායි නගරයේ ගුණාත්මකභාවය මෙන් සිවු ගුණයක වැඩි ප්‍රමාණයකින් නරක අතට හැරී ඇති බව වාර්තා වෙයි .

ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website