සෙනසුරාදා, 11 නොවැම්බර් 2023 09:47

මැග් ලෙනින් ජාත්‍යන්තර පිටියෙන් සමු ගනී Featured

වසර 13 ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටිමින් ලොව බිහි වූ දක්ෂතම ක්‍රිකට් නායිකාව ලෙස හැඳින්වූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු නායිකා මැග් ලෙනින් ඊයේ (09 වැනිදා) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නාය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 6ක්, එක්දින තරග 103 ක් හා 20යි 20 තරග 132 ක් ඇය ක්‍රීඩා කර තිබේ.

මැග් ලෙනින් 20යි 20 ලෝක ශූරතා 4 ක්, එක්දින ලෝක ශූරතාවක් හා පොදු රාජ්‍ය මණ්ඩලයීය රන් පදක්කමක් සිය කණ්ඩායමට හිමි කර දීම වෙනුවෙන් නායකත්වය දැරුවාය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්තද ඇය දේශීය ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට නියමිත අතර තවමත් ඇය 31 හැවිරිදි වියේ පසු වන්නීය.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website