බදාදා, 22 නොවැම්බර් 2023 10:49

ගාසා තීරයේ සටන් නවත්වන බවට චීනයෙන් ප්‍රතිඥා Featured

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදාවන් හා හමාස් සංවිධානය අතර හටගෙන ඇති යුද්ධය අරාබි හා ඉස්ලාමිය රටවල සහය ඇතිව හැකි ඉක්මනින් අවසන් කිරීමට සිය රට උත්සාහ දරන බව චීනය පවසයි.

ගාසා තීරයේ හටගෙන ඇති යුද්ධය නතර කිරීම සඳහා මැදිහත් වීමේ අරමුණින් අරාබි හා මුස්ලිම් රටවල් පහක ඇමැතිවරු හා චීන බලධාරීහු චීනයේ බීජිං නගරයේදී පෙරේදා (20දා) විශේෂ සාකච්ඡාවක් ඇරඹූ අතර චීනයට පැමිණ සිටින රටවල් පහේ ඇමැතිවරු ගාසා තීරයේ ඇවිලී තිබෙන සටන් නැවත්වීමට බලපෑම් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය හිමි සෙසු රටවල ද සංචාරය කිරීමට නියමිතව ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය හිමි චීනයේ සංචාරයක් අරඹමින් සවුදි අරාබිය, ඊජිප්තුව, ජෝර්දානය, පලස්තීන අධිකාරිය හා ඉන්දුනීසියාවේ ඇමැතිවරුන් පිරිසක් පෙරේදා දිනයේ චීන රජයේ නියෝජිතයන් සමග සාකච්ඡා ඇරඹූ අතර එහිදී ගාසා තීරයේ සටන් හැකි ඉක්මනින් නැවැත්වීමට උත්සාහ ගන්නා බවට චීනය ප්‍රතිඥා දී තිබේ. චීන විදේශ කටයුතු ඇමැති වැන්ග් යී අරාබි හා මුස්ලිම් රටවල් පහේ නියෝජිතයන් සමග පැවැත්වූ සාකච්ඡාවලදී පවසා ඇත්තේ අදාළ රටවල් ගාසා තීරයේ සටන් නැවැත්වීමට මැදිහත් වන ලෙස ඉල්ලා ප්‍රථමයෙන් චීනයට පැමිණීමෙන් ඔවුන් සිය රට ගැන තබා ඇති දැඩි විශ්වාසය පෙන්නුම් කරන බවයි. මේ අතර ඊශ්‍රායලය සමග ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කරගැනීම සඳහා ආසන්නව සිටින බව හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ මාධ්‍යයට පවසා තිබේ. කෙසේ වුවද මෙම සටන් විරාමය සම්බන්ධයෙන් ඊශ්‍රායලය කිසිදු සඳහනක් කර නොමැති බව වාර්තා වී තිබේ.ිඒඑෆ්පී හා අල් ජසීරා පුවත් සේවාවන් පවසනුයේ හමාස් සංවිධානය හා ඊශ්‍රායාලය අතර සටන් විරාමයක් ඇති කරගැනීමට යනුයේ හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම හා ඒ වෙනුවෙන් දැනට ඊශ්‍රායලය විසින් සිරගතකර සිටින පලස්තීන සිරකරුවන් මුදා ගැනීම සඳහා බවයි. මේ අතර ගාසා තීරයේ තිබෙන රෝගීන් 500ක් පමණ දෙනා ප්‍රතිකාර ලබන ඉන්දුනීසියානු රෝහලක් ආසන්නයේ ඊශ්‍රායල් හමුදා හා හමාස් අන්තවාදීන් අතර වෙඩි හුවමාරු වීම් ඊයේ (21) දිනයේ සිදු වූ බව වාර්තා වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website