බදාදා, 29 නොවැම්බර් 2023 10:41

විකල්ප ඉන්ධනවලින් ධාවනය වන ප්‍රථම ගුවන් ගමන ඇරඹේ Featured

පරිසරයට හානිකර කාබන් ඇතුළු විෂ වායු නිකුත් නොකරන විකල්ප ඉන්ධන වර්ග භාවිත කරන ලොව ප්‍රථම ගුවන් යානය ඊයේ (28දා ) දිනයේ එංගලන්තයේ ලංඩන් නගරයේ සිට ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරය දක්වා පියාසර කිරීමට නියමිතව තිබිණි.

ට්වර් ජින් අත්ලන්තික් ගුවන් සේවයට අයත් මෙම යානය ලංඩනයේ හීත්රෝ ගුවන් තොටුපළේ සිට නිව්යෝක් නගරයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අතර මෙම ගුවන් යානය ධාවනය කිරීම සඳහා භාවිත කර ඇත්තේ ‘එස්ඒඑෆ්’ යනුවෙන් හැඳින්වෙන භෝග, නිවෙස්වලින් ඉවතලන අපද්‍රව්‍ය හා පිසීම සඳහා භාවිත කරන කුකින් ඔයිල් අඩංගු පරිසර හිතකාමී ඉන්ධන විශේෂය බව නිවේදනය කර තිබේ.

බෝයිං 787 වර්ගයේ අදාළ ගුවන් යානය සඳහා එම විකල්ප ඉන්ධන ටොන් 50ක් යොදාගෙන ඇති බව අනාවරණය වී තිබේ. මෙම විකල්ප ඉන්ධන සැපයුම සීමා වීම එම ඉන්ධන යොදාගෙන ගුවන් යානා පියාසර කිරීමට බාධාවක්ව ඇති බව ගුවන් යානා බලධාරීහු පවසති.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website