බදාදා, 29 නොවැම්බර් 2023 10:45

තායි ක්‍රීඩකයකු සිය විවාහ උත්සවයේදී මනාලිය ඇතුළු 4ක් මරයි Featured

තායිලන්ත ජාතික ආබාධිත ක්‍රීඩකයකු සිය විවාහ මංගල්‍ය උත්සවයේදී හටගත් ආරවුලක් හේතුවෙන් මනාලිය ඇතුළු සිවු දෙනකු වෙඩි තබා ඝාතනය කර ඔහුද වෙඩි තබාගෙන මියගොස් ඇතැයි තායි මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

තායිලන්තයේ ‘වැන්ග් නැම් කියෝ’ දිස්ත්‍රික්කයේ ‘මු – 1’ ගම්මානයේ පිහිටි නිවසක ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකදී 29 හැවිරිදි හිටපු නාවික හමුදා භටයකුද වන චටුරොන්ග් සුක්සුක් විසින් මෙසේ සිය මනාලිය වූ 44 හැවිරිදි කාන්චනා පැචුන්තුයෙක් ඇයගේ මව, බාල සහෝදරිය හා උත්සවයට සහභාගි වූ අමුත්තකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර එම වෙඩි තැබීමෙන් තවත් අමුත්තකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව තායිලන්තයේ පලවන ‘බැන්ග්කොක් පෝස්ට්’ පුවත්පත පවසයි.

විවාහ මංගල්‍යය උත්සවය අතරතුරදී මනාලයා හා මනාලිය අතර ආරවුලක් හටගෙන ඇති බවත් ඉන් කෝපයට පත්ව එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති මනාලයා නැවත පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වී තිබේ. ඝාතකයා තායිලන්තය නියෝජනය කරමින් ඉකුත් වසරේ ඉන්දුනීසියාවේ පැවති 11 වැනි ආසියාතික ආබාධිත ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් පිහිනුම් ක්‍රීඩා තරගයකින් රිදී පදක්කමක් දිනාගත් අයකු බව මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ඔහු තායිලන්තය නියෝජනය කරමින් පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගවලටද සහභාගි වී ඇත. මෙම සමූහ ඝාතනය පිළිබඳව හා ඝාතකයාගේ මානසික මට්ටම සම්බන්ධයෙන් විවිධ මත පලව ඇතත් වෙඩි තැබීමට මුල් වූ හේතුව සොයා තායිලන්ත පොලිසිය විසින් විමර්ශනයක් අරඹා තිබේ.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website