බ්‍රහස්පතින්දා, 07 දෙසැම්බර් 2023 08:54

ගාසා වැසියන් හයලක්‍ෂයකට ඉවත් වන ලෙස ඊශ්‍රායලය දැනුම්දෙයි Featured

ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ සැඟවී සිටින හමාස් සංවිධානයේ නායකයන් සොයා දියත් කර ඇති දැවැන්ත යුද මෙහෙයුම හේතුවෙන් දකුණු ගාසා තීරයේ වැසියන් හය ලක්ෂයකට සිය නිවෙස්වලින් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

කෙසේ වුවද ගාසා තීරයේ පිහිටි නිවාස හා ආයතන අවතැන්වූවන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබීම හේතුවෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති අදාළ පිරිසට යෑමට තැනක් නොමැති බව සංවිධානය කියයි.

ඊශ්‍රායල හමුදාවට අයත් යුද ටැංකි හා පාබල හමුදාව දකුණුදිග ගාසා තීරයේ තිබෙන විශාලතම නගරය වන කාන් යුනිස් හා උතුරින් පිහිටි ජබාලියා හා සුජයියා යන නගර ආසන්නයට ඊයේ (06) දිනය වන විට පැමිණ තිබූ අතර හමාස් නායකයන් කාන් යුනිස් නගරයේ හැංගී සිටින බවට ඊශ්‍රායලය විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. සැඟවී සිටින හමාස් නායකයන් සොයා ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ නිවෙස්වලට ගොස් පහර දීමට පියවර ගෙන තිබේ. මේ අතර ඉකුත් ඔක්තෝබර් මස 07 වැනිදා හමාස් අන්තවාදීන් විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයේදි කාන්තාවන් දූෂණය කිරීම් හා ඔවුන්ට ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධීන් වාර්තා වී ඇති බව බී බී සී පුවත් සේවය පවසයි.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website