බ්‍රහස්පතින්දා, 07 දෙසැම්බර් 2023 08:44

ඉරානය ජීව කැප්සියුලයක් උඩ යවලා Featured

ඉරානය, ඔවුන්ගේ මිසයිල වැඩසටහන තවත් පියවරක් ඉදිරියට ගෙන යමින්, ඔවුන්ගේම තාක්ෂණයෙන් නිපදවූ විශේෂ ‘ජීව කැප්සියුලයක්’ සාර්ථකව අභ්‍යවකාශයට යැවීය.

කිලෝ මීටර් 500 ක් බර මෙම කැප්සියුලය, නිර්මාණය කරන ලද්දේ, ඉරාන ගගන පර්යෛ්ෂණ ආයතනයේ විද්‍යාඥයන් බව පැවැසෙයි. මෙය එරට විද්‍යා සහ තාක්ෂණ ආයතනය යටතේ පවතින ආයතනයකි. ‘ජීව කැප්සියුලය’ ආධාරයෙන් සතුන් අභ්‍යවකාශ යැවුණු බව ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඉරානය මේ අයුරින් අත්හදා බැලීම් සිදු කරන්නේ, දිනෙක අභ්‍යවකාශ වැඩසටහනක් යටතේ ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීම සහ ගෙන්වා ගැනීම අපේක්ෂාවෙනි. ඉරානය, මේ වනතුරු වැඩියෙන්ම, අභ්‍යවකාශයට යවා ඇත්තේ වඳුරන්ය. 2010 දීත් පසුව 2013 වසරේ දීත් වඳුරන් අභ්‍යවකාශයට යවා ඉරානය අත්හදා බැලීම් සිදු කර තිබේ.

(ප්‍රෙස් ටීවී)

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website