බදාදා, 06 දෙසැම්බර් 2023 08:38

ඇමෙරිකාවෙන් ප්‍රචණ්ඩකාරීන්ට තරවටුවක් Featured

පලස්තීනයේ බටහිර ඉවුරේ සාමය ,ආරක්ෂාව සහ ස්ථාවරත්වයට බලපෑම් කරන්නන්ට වීසා ලබා දීම අත්හිටුවන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්‍රකාශ කළේය.

බටහිර ඉවුරේ පලස්තීන වැසියන්ට අත්‍යාවශ්‍ය සේවාවන්ට සහ මූලික අවශ්‍යතාවයන්ට ප්‍රවේශ වීම සීමා කරන්නන්ට සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වන්නන් සහ එම පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් මෙම වීසා ලබා දීම අත්හිටුවීම ක්‍රියාත්මක කළ බව බ්ලිනකන් පැවැසුවේය.

බටහිර ඉවුරේ පදිංචිව සිටින ඊශ්‍රායල පදිංචිකරුවන් පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා පසුගිය ඔක්තෝබර් 7 වැනිදායින් පසුව වැඩි ඇති බවත් මේ ඇමෙරිකා එක්සත් ජනපදය කීපවතාවක් අනතුරු ඇඟවීම් සිදු කළද ඉන් ප්‍රයෝජනයක් නොමැති වූ බවත් බ්ලිනක්න් ප්‍රකාශ කළේය.

(විමුක්ති එස් රුද්‍රිගු)

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website