බදාදා, 06 දෙසැම්බර් 2023 08:35

වැඩිපුර දරුවන් හදන්නැයි කිම් මවුවරු ඉදිරියේ හඬයි Featured

උතුරු කොරියාවේ පහළ යන ළදරු මරණ අනුපාතය ඉහල නැංවීම සඳහා දායක වන ලෙස උතුරු කොරියානු කාන්තාවන්ගෙන් පසුගියදා පැවති රැස්වීමකදී නායක කිම් ජොන්ග් උන් ඉල්ලීමක් කර ඇති බවත් එම අවස්ථාවේදී උතුරු කොරියානු නායකයා හඬා වැටී ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

උතුරු කොරියාවේ අගනුවර වන පියොංයෑන්හි පසුගිය 3 වැනිදා පැවැති ජාතික අම්මාවරුන්ගේ රැස්වීමේදී උතුරු කොරියානු කාන්තාවන් දහස් ගණනක් ඉදිරියේදී උතුරු කොරියානු නායකයා මෙලෙස අදහස් දක්වමින් හඬා වැටී ඇත.නමුත් මෙය හුදෙක් නාට්‍යයක් රඟ දැක්වීමක් බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේය.

උතුරු කොරියාවේ පහළ යන ළදරු උපත් අනුපාතය ඉහළ නැංවීම සහ දරුවන්ට හොඳ පූර්ව ළමා විය සංවර්ධනයක් ලබා දීම නායකයා ලෙස තමාගේ යුතුකම බව කිම් ජොන්ග් උන් පැවැසුවේය.

(විමුක්ති එස් රුද්‍රිගු)

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website