අඟහරුවාදා, 05 දෙසැම්බර් 2023 08:18

ගාසා තීරයේ නැවත දරුණු සටන් Featured

ගාසා තීරයේ ඊශ්‍රායල – හමාස් සටන් විරාමය අවසන් වීමත් සමගම දෙපාර්ශවය අතර යළි ඇරඹුණු සටන් හේතුවෙන් තුවාල ලැබූ වැසියන්ගෙන් දකුණු ගාසා තීරයේ රෝහල් පිරී ඉතිරී යෑමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊශ්‍රායලයට අයත් යුද ගුවන් යානා මගින් එල්ල කරන බෝම්බ ප්‍රහාරවලින් හා කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් දකුණු ගාසා තීරයේ වැසියන් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර එහි පිහිටි කාන් යුනිස් රෝහල තුවාලකරුවන්ගෙන් පිරී ඉතිරී යෑම හේතුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලවලට එම තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම අභියෝගයක් වී ඇති බව වාර්තා වේ.

හමාස් අන්තවාදීන් ඉලක්ක කරගනිමින් දකුණු ගාසා තීරයට ගොඩබිම් හා ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින ඊශ්‍රායල හමුදා පවතින යුද වාතාවරණය හේතුවෙන් එම තීරයේ පිහිටි ස්ථාන 20කින් ජනතාව ඉවත් කරගන්නා ලෙස ඊයේ (04දා) සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිවේදන නිකුත් කර තිබිණි. ඊයේ (04) දිනයේ ඊශ්‍රායල හමුදා ටැංකි විශාල වශයෙන් දකුණු දිග ගාසා තීරය වෙත ගමන් කරමින් සිටින බව වාර්තා වී තිබූ අතර පවතින වාතාවරණය තුළ ගාසා වැසියන්ට පලා යෑමට ස්ථානයක් පවා නොමැති වන තත්ත්වයක් පවතින බව මානුෂීය ආධාර සපයන කණ්ඩායම් පවසයි.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website